එක්සත් ජාතික පක්ෂයandnbsp; තුළ දැවැන්ත වෙනසක් ඇති කිරීම සඳහා පාක්ෂිකයන් අද පෙළගැසෙමින් සිටින අවස්ථාවක තනතුරු, පදවි, ලාභ අමතක කර දමා අරමුණක් වෙනුවෙන් අප කටයුතු කළ යුතු යැයි හම්බන්තොට එජාප දිස්ත්andzwj;රික්andnbsp; මන්ත්andzwj;රි සජිත්andnbsp; ප්andzwj;රේමදාස මහතා ප්andzwj;රකාශ කරයි.
එළැඹෙන නොවැම්බර් මස 01 වැනිදා සිට බස් ගාස්තු සියයට 7කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පෞද්ගලික ප්andzwj;රවාහන සේවා ඇමැති සී.බී. රත්නායක මහතා පවසයි. ඒ අනුව ගාස්තු අවස්ථා සඳහා වැඩිවන මුදල බස් ගාස්තු මිල සූත්andzwj;රය අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් තීරණය කිරීමට නියමිත බවද පෞද්ගලික ප්andzwj;රවාහන සේවා අමාත්andzwj;යංශය සඳහන් කරයි.
ඩෙංගු මර්දනය වෙනුවෙන් සෞඛ්andzwj;ය අමාත්andzwj;යවරයා පොළොන්නරුවේ අත්පත්andzwj;රිකා බෙදමින් විරිදු පෙළක් ගායනා කිරීම ඊයේ (13දා) පෙරවරුවේ සිදුවූ කැපී පෙනෙන සිදුවීමකි. ජාතික ඩෙංගු මර්දන සතියේ අවසන් දිනය වූ ඊයේ (13දා) පොළොන්නරුව කඳුරුවෙල නගර පිරිසුදු කිරීමේ ශ්andzwj;රමදානයට හා ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්andzwj;රිකා බෙදාදීමේ වැඩසටහනට එක් වෙමින් අමාත්andzwj;යවරයා මෙසේ විරිදු පෙළක් ගායනා කෙළේය.
කිලිනොච්චියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු යාල්දේවී දුම්රියේ ගැටී 32 හැවිරිදි මවක සහ ඇගේ වයස අවුරුදු එකහමාරක දියණිය මියගොස් ඇත.තම දියණියන් දෙදෙනා සමඟ කීනවල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය මත වාඩිවී සිට ඇති අතර, දුම්රිය ළංවෙනවාත් සමඟ 9 හැවිරිදි දියණිය මාර්ගයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.
කැසිනෝ ඔට්ටු ඇල්ලීමේ ව්andzwj;යාපාරය සඳහා ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිවෙන සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අදාළ ගැසට් පත්andzwj;රය ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ එම ව්andzwj;යාපෘතියට මුදල් ආයෝජනය කරන ඕස්ට්andzwj;රේලියාවේ ක්andzwj;රවුන් කැසිනෝ අධිපති ජේම්ස් ෆැකර් හදිසියේම ශ්andzwj;රීandnbsp; ලංකාවට පැමිණ ආයෝජන ප්andzwj;රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය.
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙනඒමට උත්සාහ කළ පුද්ගලයෙකු අද උදැසන කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු ප්andzwj;රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප්andzwj;රකාශ කලේය.
වස්ගමුව, මිනිපේ සහ ඇළහැර වැනි නිජ බිම්වලින් පැන ගත් වල් අලින් මාතලේ කැටවල අවට ගම්මානවලට කඩා වැදීම නිසා කැටවල අවට මිනිස් ජනාවාසවල ජන ජීවිත උඩු යටිකුරු වෙමින් තිබේ.
කොස්ලන්ද අඹපොළආර ප්andzwj;රදේශයේ ප්andzwj;රවාහනයට සකසමින් තිබූ ගංජා කිලෝ ග්andzwj;රෑම් 325 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.andnbsp;
ගල්කිස්ස ප්andzwj;රදේශයේ පදිංචි සැකකරුවෙකු හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ පැවැත්වෙන පොදු රාජ්andzwj;ය මණ්ඩලීය රාජ්andzwj;ය නායක සමුළුවට සහභාගි වන බව සයිප්andzwj;රස් ජනාධිපති ඇනස්ටාසියාඩෙස් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එරට ජනාධිපති මන්දිරයේදි පසුගිය සිකුරාදා හමු වූ අවස්ථාවේදීය.
No comments:
Post a Comment